විදුහල්පති පණිවිඩය
ප්‍රියන්‍ත කුමාරවසර සියයක පමණ සාඩම්බර ඉතිහාසයක ට උරුම කම් කියන අප පාසල හරිත සංකල්පය පදනම් කර ගත් රමණීය වටපිටාවක් සහිත ග්‍රාමීය පාසලකි.එනමුත් පාසලෙන් ශිල්ප හදාරා ගමට,රටට හා ලෝකයට දායාද කළ උගතුන්,බුද්ධිමතුන් හා රාජ්‍ය නිලධාරීන් වෙලා විද්‍යාලීය සන් නාමය ප්‍රචලිත කරයි .ගුරුවරු, වෛද්‍යවරු ,නීති වේදී මෙන් ම දේශපාලනය හා වෙනත් සමාජයට හිතකර නොයෙක් වෘත්තීන් වල නියැලෙමින් සිටින බව නො රහසකි .කාලයක් ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක් ව පැවති මෙම පාසල ජාතික පාසල් සංකල්පය ක්‍රියාත්මක කිරීම හා වෙනත් පාසල් සඳහා සිසුන් සිසුන් යොමු කිරීමත් නිසා සිසුන්ගෙන් ජනගහනය අඩුවීම පාසලේ පැවැත්මට තර්ජනයක් වී ඇති බව කරුණු පිරික්සීමේ දී දැනගන්නට ලැබුණි.දැනට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අතර ශිෂ්‍ය සංඛ්‍යාව එකසිය තිහකට ආසන්නය.2024 වර්ෂය ට සිසුන් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් හා පාසල නව දැක්මක් ඔස්සේ සංවර්ධනය කරා යොමු කර ගැනීමට අප විද්‍යාලයේ විවිධ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත .ඒ අතර ක්‍රීඩා කටයුතු ,සෞන්දර්ය කටයුතු ,ශිෂ්‍ය උපදේශනය හා තොරතුරු තාක්ෂණ කටයුතු ආදිය මගින් ශිෂ්‍ය සංවර් ධනයට අවස්ථා සලසා ඇති අතර මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.ඔබට අපගේ වෙබ් අඩවියේ අඩවිය පරිශීලනය කිරීමෙන් ඒ බව සනාථ කර ගත හැකිය.එනමුත් අපගේ ඉලක්ක කරා යාමේදී බාධාවන් දී බාධාවන් රැසකට මුහුණ දීමට අපට සිදුව ඇත.එසේ වුවද අප ක්‍රියාකරනුයේ කණ්ඩායමක් හැටියට නිසා ඇතැම් කටයුතු වල සාර්ථකත්ව සාමූහික හැඟීම් වගකීම් ඉටු කිරීමට අපගේ ගුරු මණ්ඩලය හා සේවක සේවක මණ්ඩලය නිරන්තරයෙන් ක්‍රියාත්මක වීම සැනසීමට කරුණකි .එසේ වුවද තනි අතින ද තනි අතින් අත්පොලසන් නාද කිරීමට නොහැකි බව සනාථ කරුණකි .මේ නිසා දෙමව්පිය ආදි ශිෂ්‍ය ,සුභ පතන්නන් හා පරිත්‍යාගශීලීන් අප විද්‍යාලය හා අත්වැල් බැඳගෙන අපගේ අත්පොලසන් නාද වඩාත් තීව්‍ර කිරීමට සහාය දක්වන මෙන් ඔබ සැමට විවෘත ආරාධනා කරමි. ස්තුතියි..
Mr. ප්‍රියන්‍ත කුමාර
විදුහල්පති
වෑවල මහා විද්‍යාලය.





