Wewala.M.V vs Udakakulawala.M.V big match coming soon

Our O/L Result was Released and we have 68% Pass Rate

wewala03.jpeg
wewala03.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

නිශාන්ත ජයසේකර

සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන අප පාසල  රටට ලෝකයට දායාද කළ උගතුන් බුද්ධිමතුන් අති විශාලය.මා හටද මෙම පාසලේ නියෝජිත ලෙස වැඩ භාරගැනීමට  ලැබීම මහඟු භාග්‍යයකි.ඒ මන්ද යත් මමත් මෙම පාසලෙන් 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය ලබා සරසවි වරම් දිනා ගත්  ආදි සිසුවෙක් වීමයි.එම අධ්‍යන කාලය තුළ  මෙම පාසල  ප්‍රදේශය තුළ  ප්‍රසිද්ධියක් ඉසිලූ වූවකි,ජාතික පාසල් සංකල්පය නිසා අප ගම්මානය අවට සිටින දරු දැරියන් එම පාසල් වලට යොමු වීම නිසා වර් තමානය විට ළමුන් එකසිය තිහක් පමණ  අප පාසලේ අධ්‍යාපනය ලබයි.මෙයට හේතුව ලෙස මට හැඟෙනුයේ දෙමාපියන්ගේ නොදැනුවත්කම වීමයි.අප පාසලේ දක්ෂ ගුරු මඩුල්ලක් හා දරු දැරියන් රාශියක් වර්තමානය වන විට ඉගැන්වීමේ කටයුතු මෙන්ම අධ්‍යන කටයුතුවල නිරත වෙති.සාර්ථක ගමනක් යාමේදී මා හට මෙන්ම අප පාසලට මුහුණ දීමට සිදුවුනු අභියෝග රාශියකි .එම අභියෝග සාර්ථකව ජයගෙන ගුරු මඩුල්ලේ මහත්ම මහත්මීන් ,අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්,සුභ පතන්නම්, පරිත්‍යාගශීලීන්, දෙමව්පියන් ,ආදි ශිෂ්‍යයන් හා සිසු සිසුවියන් අත්වැල් බැඳ ගෙන අප පාසල මෙම කලාපයේ හොඳම පාසල කිරීමට සහාය දක්වන මෙන් ඔබ සැමට විවෘතව ආරාධනා කරමි .

Mr. නිශාන්ත ජයසේකර
නියෝජ්‍ය විදුහල්පති
ගිරි/වෑවල මහා විද්‍යාලය.