පාසලේ ඉතිහාසය

Wewala.M.V vs Udakakulawala.M.V big match coming soon

Our O/L Result was Released and we have 68% Pass Rate

wewala03.jpeg
wewala03.jpeg

   සාරවත් කෙත් බිමක් පසුබිම් කරගත් නිම්නයක පිහිටි මෙම විදු මාතාව ස්වාභාවික උවදුරු වලට ලක්වෙමින් දිගු ගමනකට පා ඔසවමින් දිනෙන් දින ඉදිරි මාවතේ නව පහන් දල්වමින් විරාජමාන වන්නීය.

 

1915 වර්ෂයේ පමණ ඉඩම් කොටසක් පරිත්‍යාග ලෙස ලැබී මෙම පාසල ආරම්භ කිරීමට අඩිතාලම වැටුණි. ඉන් අනතුරුව 1956 වර්ෂය වන විට මෙම පාසල මිශ්‍ර පාසලක් ලෙස අභිසෙස් ලද්දීය.එමෙන්ම පරිත්‍යාග කළ ඉඩමට යාබදව තිබූ රජයේ ඉඩම මෙයට පරිත්‍යාග කරන ලදී. 1969 සිට අබේසිරි ගුණවර්ධන මහතා, ආරියරත්න මහතා, ජයසිංහ මහතා, හේරත් බණ්ඩා මහතා, සිරිසේන මහතා, ආර්.එම්.එස්.කේ රාජපක්ෂ මිය, ජේ.ඒ කුසුමුණි ජයලතා මිය ( වැඩ බලන විදුහල්පති ), ඊ.එල්. ලලිත් ගාමිණි විජේසිංහ මයා, ජේ.එම් මැණිකේ මිය (වැඩ බලන විදුහල්පති ) මෙම පාසලේ විදුහල්පතිවරුන්/ නියෝජ්‍ය විදුහල්පතිවරුන් වශයෙන් සේවය කර ඇත.

 

පාසල අවුරුදු සියයක පමණ ඉතිහාසයකට උරුමකම් කියන අතර දැනට පාසලේ ගොඩනැගිලි බොහොමයක වහල වල අලුත්වැඩියා කටයුතු සිදුකළ යුතුව ඇත. පෝෂණ පාසල් වලින් පාසලට ඇතුලත් වන දරුවන්ගේ ප්‍රවණතාවක් දැකිය හැක. ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපන මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වල සාර්ථකව යෙදී සිටී.

 

  • පාසලේ නම - ව/ගිරි වෑවල මහා විද්‍යාලය
  • පාසල් සංගණන අංකය - 17369
  • පාසල් ලිපිනය හා අංකය - ව/ගිරි වෑවල මහා විද්‍යාලය-  17340
  • පාසල් වර්ගය - 1 සී
  • දුරකථන අංකය - 037-3129919
  • විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • වෙබ් අඩවිය - http://wevalamv.schweb.lk
  • ග්‍රාම නිලධාරි වසම - නවතල්වත්ත
  • පාසල අයත් කොට්ඨාසය  - අලව්ව
  • විදුහල්පතිගේ නම - එච්.එම්.ඒ.අයි.එන්.බණ්ඩාර මයා
  • පුද්ගලික දුරකථන අංකය  - 0777114117